ගෙදරක ඉන්නවා දූලා දෙන්නෙක්. බාල දුව පොඩ්ඩක් විතර කළු නිසා එයාට කවුරුත් කතා කරන්නේ කලූ කියල..
මේ තාත්තා දවසක් හැන්දෑවේ ගියා කඩ මණ්ඩිය ට ගිහින් එන්න. ඒ ගිහින් ඇවිත් ගෙට ගොඩ උනේ "කළුත් කොරපි..." කියාගෙන. මොකද හේතුව... අහස කළු වෙලා වැස්සක් ඔන්න මෙන්න කියල තිබුනේ ඒ වෙලාවේ.
එතකොට අර පොඩි දුව කලූ කියාපි...
"තාත්තට ත් මං කොරන එක තමයි පේන්නේ.. අක්කා කොච්චර කල් ඉඳන් කොරනවා ද...? ඒවා පේන්නෑ.. "
Friday, November 22, 2013
කළුත් කොරපි
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment