මේක ඇම්ඩා පොඩි කාලේ උන සීන් 1ක්. දවසක් ඇම්ඩාලගෙ ගෙදර උදවිය රෑ කෑම කනකොට
සිගිති ඇම්ඩන් මේසෙ උඩ තිබුන ඇම්බුං ඇවරියට කුරැමානමක් ඇල්ලුවා. මේක දැකපු පොරගෙ
තාත්තා
''හා හා පුතේ ඔයාට ඕවා හොද නෑ මේ රෑ කන්න''
කිව්වලු.
ඇම්ඩට දැන් හෙන අවුලලු. ටික වෙලාවකින් මු ආයෙමත් ඇම්බුං ගෙඩියක් කරකවනවලු ඇවරියෙන්.
ඔක දැකලා තාත්තා ආයේ කියනවලු
''මම දැන් සැරයක් කිවුවා නේද රෑට ඇම්බුං කන්න හොද නෑ කියලා. පුතාගේ බඩ උෟඋෟයියා වෙයි''
කිව්වලු. ඒකෙන් මේකේන් මූට ඇම්බුං කන අදහසත් අතෑරියලු.
පහුවදා උදේ මූ ගියාලු මොන්ටිසෝරි. මූ දැන් ගල් බස්සා වගේ ඉන්නවලු ඉස්සරාම පෝලිමේ.
ඔන්න එතකොට ආවලු තව ළමයෙක්ගෙ අම්මා කෙනෙක් ටීචර්ව හම්බෙන්න.
එෟ ගෑනු කෙනාට තව ළමයෙක් හම්බෙන්නලු හිටියේ. ඇම්ඩට දැන් ෆුල් හොල්මන්ලු මේකට. මූට දැන් ඉහෙන් කටින් දාඩියත් දානවලු.
මු හිංබිජ්ජා වගේ ඉදලා හිමීට ඒ අම්මා දිහා උඩ ඉදන් යටටයි යට ඉදන් උඩටයි බ්ලනවලු.
ඹු ටිකක් වෙලා කල්පනා කරලා ඒ අම්මාගෙන් ඇහුවලු...
''ආ... ඇනටි.. රෑට රෑට හොරෙන් ඇම්බුං ගිලලා බඩ ඌයියා කරත්තා නේද'' කියලා..
Friday, November 22, 2013
ඇම්ඩා සහ ඇම්බුං කෙසෙල්
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment