ඔන්න එක මහාචාර්යවරයෙක්ගෙ 4වසරේ පුතෙක් මහාචාර්යවරය ලඟට දුවගෙන ඇවිල්ල අහනවා.
"තාත්තේ..තාත්තේ.. මං කොහේ ඉදන්ද මෙහෙට ආවේ?"
"පුතේ මට ඔයාට බොරු කියන්න ඕනේ නෑ.ඔයාව පාරේ වැටිල තිබිලවත් දෙවියොවත් නෙවෙයි ගෙනල්ල දුන්නේ"
ඔන්න ඉතින් මහාචාර්යතුමාත් මුලු ලිංගික ක්‍රියාවලිය ගැනම පුතාට කියා දුන්න.පුන්චි එකත් ඇස් දෙක ලොකු කරගෙන අහගෙන ඉන්නවා.ඔක්කොම කියල ඉවර වෙලා මහචාර්යවරයා ඇහුවලු.
"ඇයි පුතේ ඔයාට මගෙන් ඒ වගේ ප්‍රශ්නයක් අහන්න හිතුනේ?"
"නෑ.. තාත්තේ එහා ගෙදර නිමල් කිව්වා එයාල මෙහෙට ආවේ කුරුණෑගල ඉදන් කියල"
Friday, November 22, 2013
තාත්තේ..තාත්තේ.. මං කොහේ ඉදන්ද මෙහෙට ආවේ?
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment